Saturday, February 11, 2017

වඩා භයානක කට්ටිය!

ලංකාව මේ මොහොත වෙනකොට, ඊනියා ජාත්‍යන්තරයට සහ ඔවුන්ගෙ ගෝලීය ( සහ කළාපීය! ) වෙළෙඳ උගුල් ගණනාවකට ක්‍රමක්‍රමයෙන් හිරවෙමින් තියෙනවා. විවිධ ස්වරූපයන්ගෙන් ''නිකං උගත් වගෙ'' හැඩයක් හදා ගත්ත ඊනියා දේශපාලනඥයන් සහ තවත් වෙනත් නියෝජිතයන් කණ්ඩායමක් මෙන්න මේ දීර්ඝ කාලීන ව්‍යාපෘතිය පිටිපස්සෙ දිගටම ඉන්නවා.
මේ කෙටි සටහන අන්න ඒ ගැන.
1977 න් පස්සෙ උපදින මේ කණ්ඩායමේ සාමාජිකයන් වයසට ගිහිං වාරු නැතිවුණොත් හෝ මැරුණොත් මිසක් සාමාන්‍යයෙන් අවලංගු වෙන්නෙ නැහැ. ඒ උගත්තු වගෙ කට්ටිය කෙළින්ම හෝ වක්‍රාකාරව NGOs වලට සම්බන්ධයි, ඔවුන්ට ඒ හරහා විශාල ආර්ථික සහ වෙනත් වාසි ලැබෙනවා. ඊට අමතරව ලංකාවට අදාළ, ඒ ඒ සිද්ධීන්වලට, කාලයෙන් කාලයට ඇකඩමික් හැඩයක් ලබාදෙන, ඔය සුමනසිරි ලියනගේ සහ රොහාන් සමරජීව වගෙ අයත් ඉන්නවා. ජනමාධ්‍ය තුළ ඔවුන් යම් ඉඩකුත් හදාගෙන ඉන්නවා. ඒ අතර ඉන්න සමහරු වාමාංශික ස්ථාවරයක වගෙ ඉන්න නිසා වැඩේ සංකීර්ණයි. මොකද, 'වම' මරුනෙ! කියලා ඇත්තට හිතන අයත් රටේ ඉන්න නිසා. මේ හුඟාක් ඊනියා උගත්තු ඉන්නෙ තිරය පිටුපස, ඔය අශෝක අබේගුණවර්ධන වගෙ අය මේ මොහොතෙ එළියෙ පේන්න වැඩ කෙරුවට.
ඔය වර්ගයෙ දේශපාලන නියෝජිතයන්ට ( ? ) හොඳම උදාහරණ තමයි, මහාචාර්ය GL පීරිස්, ආචාර්ය සරත් අමුණුගම, බන්දුල ගුණවර්ධන වගෙ අය. SB දිසානායක වගෙ අයත් මොන විදිහකට හරි ඒ ලැයිස්තුවට වැටිලා. දැන් වෙනකොට මහාචාර්ය ( ? ) ආශු මාරසිංහ වගෙ අයත් ඉදිරියෙන්ම ඉන්නවා. මේ හුඟාක් අය මොන ආණ්ඩු මාරු වුණත් වැඩේ කරගෙන යනවා. ඔවුන් ගැන ජනයා දැනගෙන ප්‍රතික්ෂේප කෙරුවත් වැඩක් නැහැ, ඔවූන් මොන ක්‍රමයකට හරි යළි යළිත් පාර්ලිමේන්තුවට එනවා. එහෙම නැත්තං වෙන තනතුරක හරි රඳවලා වැඩ වලට යොදා ගන්නවා.
සරත් අමුණුගම, ඔය අතර ඉතා සුක්ෂම සාධකයක්. පිළිවෙළින්, චන්ද්‍රිකා සහ මහින්ද පාලන කාල තුළ ඔහු තමයි, රටට විශාල හානි ගෙනදෙන ආර්ථික ප්‍රතිසංස්කරණ පිටිපස්සෙ හිටියෙ. ඒවා වෙනුවෙන්, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු, ඒ ඒ විදේශ ඒජන්සි සමඟ ගනු දෙනු කෙරුවෙ. ඔහු, හිටපු ජනාධිපත් මහින්ද රාජපක්ෂගෙ විශේෂ උපදේශකයෙක් විදිහටත් පත්කරලා තිබුණා, ඒ වැඩ සඳහාම. දැන් මේ ආණ්ඩුවෙත් ඔහු ඒ ටිකම හොඳට කරගෙන යනවා.
විශේෂම - භයානකම දේ තමයි, ඔවුන් රටේ ජනයා නොමග යවනවා. නිකං උගත් වගෙ ගතියක් හදාගෙන ඉන්න නිසා, මිනිස්සු පොදුවෙ ඔවුන් කියන දේවල් පිළිගන්න ගතියකුත් තවම තියෙනවා, SB වගෙ අය පවා  බලවත්, පච වෙලාම ගියාට.
ඉතිං කොහොමද මේ රට ගොඩගන්නෙ?
ද.මු. දසනායක ලා, මර්වින් සිල්වලා, රංජන් රාමනායක ලා...ගැන මිනිස්සු පොදුවෙ දන්නවා වුණත් මේ ''අමුතු කට්ටිය'' ගැන දැනගන්නෙ අඩුවෙන්. දැනගත්ත ත් ඉතිං මොකද කරන්නෙ, ඔවුන් 'පොඩි' වුණාට නියෝජනය 'ලොකුයි' නෙ.
කොහොම වුණත් අපි, රටේ පොදු ජනයා හැටියට මේ ගැනත් අවදියෙන් ඉන්න ඕනෙ!
CHAPA
    

No comments:

Post a Comment