Wednesday, February 1, 2017

  රිය සමඟ යහළුව...

අපි හුඟ දෙනෙක් විවිධ මාර්ග ඔස්සේ වාහන පදවනවා, ත්‍රී රෝද සහ යතුරු පැදි වෙන්නත් පුළුවං.
ඒ අතර පා පැදි සහ පදිකයන් එහා මෙහා යන බවත් අපට පේනවා.
ඉතිං නිතර දෙවේලෙ විවිධ අනතුරු!
ලෝකය පුරාම එන්න එන්න මාර්ග අනතුරු වැඩියි. තම සංවර්ධන ඉලක්ක සංවිධානාත්මකව සපුරා ගත්ත රටවල ඒ වගෙ අනතුරු සාපේක්‍ෂව අඩුයි. අද, මේ අලුත් දවසෙ, ඔබට කියන්න යන්නෙ මාර්ග අනතුරු ගැනම නෙවෙයි. මාර්ග අනතුරු සිද්ධවෙන්නත් හේතු වන අපේ මානසික මට්ටම පවත්වා ගන්න ඕන
විදිහ, විශේෂයෙන්ම වහනයක් එළවනකොට.
ඔබ කොහොම කෙනෙක්ද?
ඔය පාරෙ වාහන එහා මෙහා ඇදෙන විදිහ දිහා බලනකොට ඒවා පදවන අයගෙ මානසික තත්වය ගැන යම් අදහසක් ගන්න පුළුවං.සමහරු තරහෙන් පුපුර පුපුර. සමහරු නොඉවසිල්ලෙන්. සමහරු නිකං පිස්සු වැටිල වගෙ. සමහරු කළකිරීමෙන්. සමහරු ජීවිතයම එපා වෙලා මැරෙන්න යනවා වගෙ. මරාගෙන මැරෙන්න වාහන පදවන අයත් ඒ අතර ඉන්නවා.
ඔබ කොහොම කෙනෙක් ද?
නිකං හිතල බලන්න. අපේ රටේ වාහනවල නලා සද්දෙ! ඔබත් වහනය පදවන්නෙ නලාවෙන් ද? වාහනයකට ඉස්සර කරන්න දෙන්නෙ නැහැ. එහෙම කෙරුවොත් පස්සෙන් පන්නගෙන එනවා, නිකං මදි කමක් වගෙ. අතරු පාරකින් වහනයක් දාන්න දෙන්නෙ නැහැ. මටත් මෙහෙම වෙනවා නේද කියලා අපි කාටවත් හිතෙන්නෙ නැහැ වගෙ. වාහන වේගයත් එහෙමයි. කිසිම කළමනාකරණයක් නැහැ, ඔහේ පාගනවා. මේ, නොසැලකිල්ලෙන් - අනවධානයෙන්, බීමත්ව සහ නිදිමතේ  රිය පදවනවාට  අමතරව!
සමහර විදේශ රටවල්වල ඉන්න අය අත්දැකීමෙන් එක විදිහක මාර්ග විනයක් ගැන අත් දැකීම් ලබනවා ඇති. හැබැයි ඔවුනුත් ලංකාවට ඇවිල්ලා මේ ක්‍රමයටම වැඩ පටන් ගන්නවා. මම විතරක් හරියට ගිහිල්ලා හරියන්නෙ නැහැනෙ! කියලා එහෙම කෙනෙකුට හිතෙනවා ඇති. ඒ වුණාට පුළු පුළුවං අයවත් හරියට පාරෙ යන්න පටන් ගත්තොත් තවත් අය ඒක ඉගෙන ගනීවි.
ම්...කතා කර කර ඉඳලා වැඩක් නැහැ, උත්සහ කරමු.
''මම මගේ වාහනයත් එක්ක යාළුයි! අපි හොඳ යාළුවො. ඉතිං අපි හොඳට පාරෙ යනවා. මම සතුටින්, අනිත් අයත් සතුටින්''  එහෙම හිතමු!
CHAPA

No comments:

Post a Comment