Sunday, February 19, 2017

විහිළු නෙවයි ඔන්න!
විහිළු විතරක් කරන්න!

හිනා යනවා, සතුටුයි, කාටවත් දුකක් නැහැ, ලැජ්ජාවකුත් නැහැ, අපහාසයක් නං ඇත්තෙම නැහැ!
එහෙනං විහිළුවක් තමයි!
වැඩේ කියන්නෙ අපේ සමහරු විහිළු කියලා හිතන්නෙම අනෙකා රිදවලා - දුකට පත් කරවලා සතුටක් ලබන වැඩකටනෙ.
කෙනෙකුට දුකක් - අනෙකාට සතුටක්.
කෙනෙකුට පීඩාවක් - අනෙකාට සැහැල්ලුවක්.
කෙනෙකුට අපහාසයක් - අනෙකාට ගෞරවයක්.
කෙනෙක් පරාජිතයෙක් - අනෙකා වීරයෙක්!
එහෙම විහිළු තියෙන්න බැහැ. ඔය ''ඇස් රතුවෙන විහිළු'' කියන්නෙත් අන්න ඒ වර්ගයෙ ඒවාට තමයි. ඒ සමහර විහිළු නිසා ජීවිත කඩා වැටෙන්නත් පුළුවං. ජීවිත නැතිවෙන, අබල දුබල වෙන අවස්ථාත් තියෙනවා. එහෙම නං ඇයි අපි එහෙම විහිළු කරන්නෙ?
අනෙක, කෙනෙක් මොකක් හරි ප්‍රශ්නයක ඉන්නකොට, ඒ කෙනාව ගොඩ ගන්න විහිළුවක් කරනවා මිසක්, ඒ කෙනාගෙ ප්‍රශ්නය නං විහිළුවකට ගන්න එපා, කොහොමත් එහෙම වෙලාවක හරිම පරිස්සමෙන්!
අනුන්ට අපහාස කරලා හිනාවෙන එක නං මානසික ප්‍රශ්නයක්.
එහෙම කරන අයට ලොකු මානසික ප්‍රශ්නයක් හිතේ හිරවෙලා තියෙනවා. සමහර විට හීනමානය වගෙ එකක්. සමහරු, අනුන්ගෙ ඇද පෙන්නලා විහිළු කරනවා, ඒක කොච්චර කැත ද? ඒකත් කෙනෙකුගෙ මානසික ප්‍රශ්නයක ප්‍රතිඵලයක්. එහෙම අනුන්ට අනවර්ථ නම් දාන එකත් විහිළුවක් වගෙ පෙනුනාට ඉතාමත්ම ප්‍රාථමික වැඩක්.
ඒවාට හිනාවෙන්න එපා! අනුබල දෙන්නත් එපා!ඒවා කරන අය ප්‍රතික්ෂේප කරන්න!
මේ ලස්සන දවසෙ, අපි හැමෝම හිතට ගනිමු, අනිත් අය සතුටට පත්වෙන විහිළු විතරක් කරන්න.
විහිළු?

විහිළු නෙවයි ඔන්න!
විහිළු විතරක් කරන්න!
ඔව්!හැමෝටම සතුටු හිතෙන...
CHAPA

No comments:

Post a Comment