Saturday, February 25, 2017

   BB ද ?

BB කියන්නෙ බොරු Busy කියන එක!
ඉතිං ඔබ බොරු Busy කාරයෙක් ද? වැඩ වැඩ...ඉවරයක් නැති වැඩ! එහෙම ද?
ඇත්තටම, එක දිගට වැඩ කරන අය ඉන්නවා, වෘත්තීන් දෙක තුනක යෙදෙන, එක එක අමතර රැකියා කරන, විශේෂ වගකීම් දරන, විශේෂ තනතුරු දරන...එහෙම කෙනෙක් නං ඔබ, ඔව්! අනිවාර්යයෙන්ම Busy ඇති. මේ දැනුත් ඉස්පාසුවක් නැතුව ඇති!
එහෙම නං ඔබ කොහොමද මේ සටහන කියවන්න වෙලාව හොයා ගත්තෙ?
ඒ කියන්නෙ, කොච්චර Busy වුණත්, අවශ්‍යතාව තියෙනවා නං Busy නැතිවෙනවා කියන එක.
එහෙම තියෙද්දි, සමහර අය ළඟ නං තියෙන්නෙ BB ම තමයි. ''බල්ලා කරන වැඩකුත් නැහැ, ඌට හෙමින් ගමනකුත් නැහැ!'' වගෙ පුද්ගලයොත් ඉන්නවා. ඔබ නං එහෙම නැතුව ඇති. ඔබට එහෙම යාළුවො ඇති. නෑදෑයො, කාර්යාල සගයන්, ව්‍යාපාර කොටස් කරුවන්, ආයතන පාලකයන්, නිලධාරීන්...ඕන තරම් ඇති. දේශපාලනඥයන් ගැන නං කතා කරන්න එපා කියලා ඔබ කියයි. ඡන්දය ඉල්ලන්න ආවට පස්සෙ දකින්නවත් නැහැ කියලා ඔබ බනින්න පටන් ගනියි.
සමහරු මෙහෙම තේරුමක් නැතුව කාර්ය බහුල වෙන්නෙ වැඩ සැලසුම් කරගන්නෙ නැති නිසා. වැඩවල පිළිවෙළක් නැති නිසා.
කාලය කළමනාකරණය කර ගන්න බැරි නිසාත් හුඟාක් අය BB වෙනවා.
වැඩවල ප්‍රමුඛතා තෝරාගන්න බැරිවීම! ඒකත් අවුලක්.
වැඩ බැරි එක තමයි ලොකුම ප්‍රශ්නය, සමහරුන්ට. අවශ්‍ය ශිල්පීය ඥානය නැත්තං ඉතිං කිසිම වැඩක් ඉක්මනට - පිළිවෙළට කරගන්න බැහැ.
ශරීර සෞඛ්‍ය සහ මානසික තත්වය, කෙනෙකුගෙ කාර්යක්‍ෂමතාව අඩු වැඩිකරන්න අනිවාර්යයෙන්ම බලපානවා.
ඔය ඔක්කොම අතරෙ උපන් කම්මැලිකම නිසාත් එකපාරටම කෙනෙක් බොරු busy වෙන්න පුළුවං.
පරිස්සම් වෙන්න ඕනෙ, කපටි කමට සහ අවස්ථා මග හරින්න BB වෙන අයට. පරිස්සම් වෙන්න කිව්වට, ඒ ඔබ නං ඉතිං එහෙම කපටි නොවී ඉන්න.
ඔන්න ඉතිං කේන්ති ගත්තා, ලැජ්ජ හිතුණා. වට පිටත් බලනවා. මේ! කවුරුවත් දන්නේ නැහැනෙ මේ සටහන ඔබ ගැන කියලා. හෙමින් වෙනස් වෙන්න. ඔබටම සතුටු හිතේවි
එහෙම නං ඔන්න මේ දැන් ඉඳලා, අපි කවුරුවත් බොරු Busy නැහැ.
වැඩ! දිගටම වැඩ! ඒත් ඇත්තට, ඇත්තට වැඩ නිසා ඉතිං BB නැහැ!
අලුත් දවසෙ අදහස හොඳයි නේද? අනෙක අද ඉරිදා සමහරුන්ට නිවාඩු වුණත් හෙට ඉඳලා වැඩ කරන්න පටන් ගන්නවනෙ නේද? අදත් එක එක වැඩ ඇති ඔය නිවාඩු කිව්වට.
එහෙම නං BB නොවී වැඩ කරගෙන යන්න.!
ඔබට BB නොවේවා!
CHAPA

No comments:

Post a Comment