Thursday, February 16, 2017

   නාස්තිය එපා!

මොනවද?
කිසිම දෙයක්! කිසිම දෙයක් නාස්ති කරන්න හොඳ නැහැ!
ස්වාභවික සම්පත්, වෙනත් සම්පත්; ආහාර පාන, බඩු භාණ්ඩ...මේ කිසිම දෙයක් නාස්ති කරන්න එපා! හැම දෙයක්ම පුළුවං උපරිමයෙන් පිරිමහ ගන්න - කළමනාකරණය කරගන්න.
එතකොට තමන්ටත් හොඳයි, අනුන්ටත් හොඳයි!
සල්ලි වැඩි පුර තියෙන අයත් සල්ලි නාස්ති කරනවා, සල්ලි නැති අයත් තියෙන සල්ලි නාස්ති කරනවා. බලන්න! ඔබේ ගෙදර කොච්චර ආහාර පාන අපතෙ යනවද කියලා. සමහර ගෙවල්වල උයන්න ගියහම තියෙන ඔක්කොම උයනවා, නැති වුණාම මොකුත් නැහැ. තියෙන නිසා කන එකත් නාස්තියක්. කන්න බොන්න ඕනෙ තමන්ට ඕන ප්‍රමාණයට.
''අපෝ....මහා නාස්තිකාරයෙක්!'' කියලා අපි අනිත් අයට දොස් කිව්වට, අපි හැමෝම එහෙම කරනවා. සමහරු තමන්ගෙ දේවල් ආරක්ෂා කරනවා, අනුන්ගෙ දේවල් නාස්ති කරනවා. එහෙම බැහැ. කාගෙවත්, කිසිම දෙයක් නාස්ති කරන්න එපා. තම තමන් වැඩ කරන ආයතන ගැන හිතන්න. ඇත්තටම ඒවායේ සම්පත් මොන මොන හේතු මත හරි නාස්තිවෙනවා නේද? හුඟාක් වෙලාවට අපි පුරුද්දක් විදිහට පොදු සම්පත් නාස්ති කරනවා. බස් නැවතුමක් වුණත් ලස්සනට තියාගන්න ඕන කියලා හිතන්නෙ නැහැ.
නිකං හෝ නොමිලෙ ලැබෙන දේවල් නං අපි ඔහේ නාස්තිකරනවා.
කාලය කියන්නෙත් අපි නාස්තිකරන ප්‍රධාන සම්පතක්.
ඇත්තටම අපි දවසේ කොච්චර වෙලාවක් වැඩ කරනවා ද, කොච්චර වෙලාවක් මොකුත්ම නොකර නාස්ති කරනවා ද?
වචන?
වචනත් නාස්ති කරනවා. හිස් වචන කිය කියා කොච්චර වචන නාස්ති කරනවා ද කියලත් නිකමට හිතලා බලන්නකො. ඔබටම පුදුම හිතේවි.
එහෙම නං, ඔන්න අද නං කවුරුවත් කිසිම දෙයක් නාස්ති කරන්නෙ නැහැ, අද විතරක් නෙවෙයි, අද සිට...හරිනෙ?
ඔබට ජය!
CHAPA

No comments:

Post a Comment