Wednesday, February 15, 2017

  ඔය අවසාන තීරණය ද?

ඒ කියන්නෙ, දැන් සියල්ල සමාප්තයි!
ඒත් එහෙම බැහැ! මෙහෙම බලමු! මොකක් හරි දෙයක් වුණාම එක පැත්තක් බලලා තීරණයක් ගන්නවා ද? අනිත් පැත්තත් බලනවා ද? විශේෂයෙන්ම, කෙනෙක්, තව කෙනෙක් ගැන මොකක් හරි කියනකොට?!
අපි මිනිස්සු නිසා එහෙම කරනවා. දෙයක් දැක්ක ගමන් තීරණය කරනවා, හරි! මෙයා වැරදියි! අරයා හරි! කියලා. සමහර වෙලාවට ඒක එහෙම වෙන්නත් පුළුවං, නොවෙන්නත් පුළුවං. දෙන්නම වැරදි වෙන්න බැරිද? දෙන්නම හරිවෙන්නත් පුළුවං, නේද?
හරිම අසීරු වැඩක්!
ඒත් අපි උත්සහ කරමු. මෙහෙමයි කරන්න ඕනෙ. අපි හිතමු කෙනෙක් ගැන, හොඳ හෝ නරක විදිහට යම් නිගමනයකට ආවා කියලා. හැබැයි තවත් යම් ඉඩක් තියා ගන්න, බැරි වෙලා හරි ඒක එහෙම නොවුණොත්, හිත වෙනස් කර ගන්න. අවසාන තීරණවලට යන්න එපා.
අමාරුයි නේ?
අපට ඕන වැඩේ ඉවරයක් කරලා දාන්න. එයා නියමයි! මෙයා අන්තිමයි! ඒ වැඩේ වැඩක් නැහැ! මේක මාරයි! අරක නරකයි! මේක හොඳයි! අන්න එහෙම.
මේ ලස්සන දවස තව ලස්සන කරගන්න, අපි ඒකපාර්ශවීය නොවී දෙපැත්තම බලමු. ඇත්තටම ගත්තොත් හැම පැත්තම. එතකොට තව තව පැති - පාර්ශව පේන්න ගන්නවා. වෙන මාන කියලා කියන්නත් පුළුවං, මේ අදහස තව පළල් කරලා.
හරි! මුලින්ම හිතන්න, මම ලේසියෙන් අන්තිම තීරණ, අවසාන නිගමන වලට...ලේසියෙන් එන්නෙ නැහැ කියලා. අවශ්‍ය ඕනෑම තැනකදි හිත වෙනස් කරගන්නත් සුදානම් කියලා හිතන්න.
එච්චරයි!
බලන්නකො, අද දවස කොච්චර ලස්සනද කියලා!
CHAPA 

No comments:

Post a Comment