Monday, February 20, 2017

   අනේ අනේ පුංචි බබෝ!

බලන්න!
පුංචි බබාලා හැම දෙයක් එක්කම හිනා වෙනවා, කතා කරනවා!
එයාලට හිතෙන්නෙ මේ වටේ තියෙන හැම දෙයකට ම පණ තියෙනවා කියලයි.
ඇවිදින ගස්. කතාකරන බඩු මුට්ටු. හිනාවෙන සෙල්ලම් බඩු. ඇඟේ එල්ලෙන ඇඳුම්. බලාගෙන ඉන්න අහස. ළඟට එන්න හදන තාරුකා...
ඔන්න ඔය වගෙ.
හැම සතෙක්ම එයාලගෙ යාළුවො. කුරුල්ලො, සමනල්ලු, බල්ලො, පූසො, හරක්, පණුවො, පළගැටියො, කුඹි...ඔය ඔක්කොම.
ඒ කියන්නෙ පුංචි බබෙකුට දැනෙන්නෙ සජීව - සමාන ලෝකයක්.
බලන්න! අපි හැමෝටමත් එහෙම කාලයක් තිබිලා තියෙනවා. කොහොමද එතකොට අපි මේ විදිහට නරක් වුණේ? ගහ කොල, සතා සීපාවා විනාශ කරන, උනුන් කා කොටා ගන්න, ආදරය වෙනුවට ක්‍රෝධය - වෛරය වපුරන නරකම නරක තැනකට වැටුණෙ? හැම දේම බදාගෙන කවදාවත් මැරෙන්නෙ නැහැ කියලා අනුන් මරා දාන්න හදන, වැඩිහිටි අපිත් අර වගේ පුංචි බබාලා වෙලා හිටියා එහෙනං!
අඩුම තරමෙ, අපි මෙහෙම කරමු!
අපිට ආපිට පුංචි බබෙක් වෙන්න බැරි නිසා, ඒ පුංචි බබාලගෙ සුන්දරම සුන්දර ලෝකය විනාශ නොකර ඉම්මු. ඊළඟට, නිකං ඉන්න ගමන් අපි එයාලගෙන් දේවල් ඉගෙන ගම්මු. ලැජ්ජා වෙන්න දෙයක් නැහැ. එයාලා හොඳ ගුරුවරු. අනෙක මෙහෙම අපි කරනවා කියලා එයාලා කවදාවත් දැන ගන්නෙත් නැහැ.
එහෙනං හරිනෙ, අපි පුංචි බබාලගෙන් ලෝකය ගැන ඉගෙන ගම්මු!
එයාලත් එක්ක, සුන්දරම සුන්දර ලෝකයක් හදන්න උත්සහ කරමු!
ළඟ ඉන්නවා නං හොඳට බලන්න, අපි මේ ගැන හිතන බව දැනගෙන ද මන්දා අන්න හිනා වෙනවා!
අනේ අනේ පුංචි බබෝ!
CHAPA 

No comments:

Post a Comment