Sunday, February 26, 2017

   හැමදේම විකුණන්න බැහැ! හැමදේම විකිණෙන්නෙත් නැහැ!

    හැමදේම විකුණන්න බැහැ! 
    හැමදේම විකිණෙන්නෙත් නැහැ!
ලෝක පරිමාණ වෙළෙඳ පොළ තුළ, හැමදෙයක්ම විකුණන්න පුළුවං සහ හැමදෙයක්ම විකිණෙනවා! කියන මූලික සංකල්පය අපි ප්‍රතික්ෂේප කරන්න ඕනෙ. ඒක එහෙම කිව්වට, එච්චර සෙල්ලං වැඩක් නෙවෙයි. එහෙම හිතන සමාජයක් තුළ, ඊට එරෙහිව හිටගන්නවා කියන එක මාරම අභියෝගයක්.
හැමදේම ඉතිං සල්ලි තමයි!
සල්ලි නැතුව මොකුත්ම කරන්න බැහැ!
කීයද?
කීයක් දෙනව ද?
කීයක් ඕනෙ ද?
හැමදේටම මිලක්. තරඟකාරී මිලක්. නිකං හොඳයි කියලා හිතුවට මේ තත්වය මිනිස් ලෝකය සහ අවසන් වශයෙන් මුළු ජෛව ලෝකයම අනතුරේ හෙළනවා.
මේ ධනේශ්වර ඉගැන්වීමට එරෙහිව අපි සමාජ හර වටිනාකම් ගොඩනගන්න ඕනෙ. මනුෂ්‍යත්වය ඉස්මතුකරවන්න ඕනෙ. අපට ඒක කරන්න පුළුවං සහ කරන්නම වෙනවා. වෙන ඉතිං පවතින්න ක්‍රමයක් නැහැ.
මෙහෙම හිතන්නකො, අම්මගෙ ආදරයට මිලක් දෙන්න පුළුවං ද? මව් කිරිවලට? සහෝදරත්වය කීයක් වටිනවා ද? යාළු මිත්‍රකම්  මුදලින් තක්සේරු වුණොත්? ආදරයට මිලක් වැටුණොත්?
එහෙම ජීවිතයක් මොකටද? නේද?
අපි උත්සහ කරමු. ටිකක් නෙවෙයි සෑහෙන්න අමාරුයි.
''මම හැමදේම විකුණන්නෙ නැහැ!''
''මාව කාටවත් මිල දී ගන්නත් බැහැ!''
එහෙම හිතෙන මිනිස්සු හැදෙන්න ගත්තොත්, මේ ලෝකය කොච්චර සුන්දර වෙයි ද? අපට පුළුවං! අපි පටන් ගනිමු!
විශේෂයෙන්ම ළමයි. අපි ඒ අයට හරි පාර කියාදෙමු. මොකද්ද හරි පාර?
මනුෂ්‍යත්වයෙ පාර!
හරි! දැන්, මේ දැන් ම පටන් ගනිමු!
එකායි, දෙකායි, තුනයි!
ම්...දැක්කනෙ සුබ දවසක පෙරනිමිති?
CHAPA

No comments:

Post a Comment