අපි වෙනුවට, අපි!
එක්සත් ජාතීන්ගෙ සම සාධක හමුදාවට, ලංකාවෙ අපිත්!එහෙම කිව්වට, දැන් ඔන්න ප්‍රශ්නයක් ඇවිත්. 2009 ට පෙර හමුදා සේවයේ හිටපු අය දැන් එවන්න එපා කියලා එක්සත් ජාතීන් ගෙ බලධාරීන් දන්වලා කියලා, හමුදා අංශ තුළ දැන් එක විදිහක කලබැගෑනියක් ඇතිවෙලා කියලා දැනගන්න ලැබෙනවා.
හේතුව, 2009 ට පෙර සෙබළුන් ට, යුද අපරාධ චෝදනා එල්ලවෙලා තියෙන නිසා ලු!
අපි මේ සංවාදය මෙහෙම ගොඩ නගමු!
එක්සත් ජාතීන්ගෙ සාම සාධක හමුදාව කියන්නෙ, නූතන ධනේශ්වර කඳවුර වෙනුවෙන්, ඒ කඳවුරේ ගොදුරු බිම් සුරකින්න පවත්වාගෙන යන, ඒ ඒ බැරි රටවල බිලි සෙබළුන් යොදවාගෙනම ශක්තිමත් කරන ලෝක පරිමාණ මිලිටරි යාන්ත්‍රණයක්. මේ වෙනකොට එක්සත් ජාතීන් නාමයෙන්, හයිටිය, බටහිර සහරාව, මාලි, ලයිබීරියාව, කෝට් ඩිල්වෝ, මධ්‍යම අප්‍රිකානු ජනරජය, ඩා ෆර්, ඇබේ, දකුණු සුඩානය, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, කොසෝවා, සයිප්‍රස්, ලෙබනනය, මැද පෙරදිග, ඉන්දියාව සහ පකිස්ථානය කියන රටවල මෙහෙයුම් 16 ක් ක්‍රියාත්මකයි.
මේ ඊනියා සාම සාධක සේවයට යන්න ලංකාවෙ සෙබළුත් පුදුම උනන්දුවකින් ඉන්නෙ!
එල්ටීටීඊ ත්‍රස්තවාදය පරජයකරමින් යුද නිපුණත්වයක් ලබා ගත්, ලංකාවෙ සෙබළු වැඩේට සම්බන්ධ කරගන්න, එක්සත් ජාතීන්ගෙ සංවිධානය මෙතෙක් නං දෙපාරක් කල්පනා කෙරුවෙ නැහැ. ඒ අනුව දැනටමත්, ලංකාව, ඒ ලෝක මිලිටරි යාන්ත්‍රණයෙ එක සාර්ථක කුලී සෙබළ සැපයුම් කරුවෙක්.
30 වසරක බිහිසුණු යුද අත්දැකීම් සමඟ හමුදාමය වශයෙන් ශක්තිමත් වුණු ත්‍රිවිධ හමුදාවක්, මේ වෙනකොට ලංකාවෙ ඉන්නවා.
පොලිසිය සහ අනෙක් ආරක්ෂක ඒකකත් එකතු වුණාම, ඒ තමයි ''රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය''.
මේ ''අවස්ථාව සහ සුදුසුකම'' නිවැරදිව යොදාගෙන යුද්ධයෙන් ඉනික්බිතිව රට සංවර්ධනය කරන විදිහ ගැන අපේ පාලකයන්ට පැහැදිලි සහ නිශ්චිත වැඩපිළිවෙළක් තිබුණෙ නැහැ. දැනුත් නැහැ.
රාජපක්ෂ පාලනය තුළ, ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙ ප්‍රධානත්වයෙන් අදාළ ආරක්ෂක අමාත්‍යංශය විධිමත්ව පවත්වාගෙන ගියත්, එමඟින් ආරක්ෂක අංශවල චිත්ත ශක්තිය ඉහළ මට්ටමකින් පවත්වාගෙන ගියත්, ඊට සමගාමීව රටේ සංවර්ධනය පිළිබඳ හොඳ සැලැස්මක් සහ අනාගත ඉලක්කයක් නොතිබුණු නිසා මෙන්ම ඒ අතර, දුෂණ, වංචා සහ අක්‍රමිකතා වර්ධනය වූ නිසා අවසන් ප්‍රතිඵලය 'කඩාවැටීමක්' ම වුණා.
ඒ කියන්නෙ 2015 ජනවාරි 8 කුමන්ත්‍රණය හෙවත් Regime Change මෙහෙයුම සාර්ථක වුණා.
දැන් අන්තිමට අපට වෙලා තියෙන්නෙ මොකද්ද?
මහා උද්දාමයෙන්, සාම සාධක හමුදාවට අපේ මිලිටරි ජවය කුලියට දෙනවා, ජීවිත අවදානමකුත් අරගෙන. මේ ව්‍යාපෘතිය, හරියටම 1977 න් පස්සෙ, මැද පෙරදිගට අපේ කාන්තාවො පටවන්න පටන් ගත්තා වගේ වැඩක්.
එහෙම තියෙද්දි, එල්ටීටීඊ ත්‍රස්තවාදය මිලිටරි වශයෙන් පරාජය කිරීම, යුද අපරාධයක් ලෙස සලකන පසුබිමක, ලංකාවෙ සෙබළු වැටෙන තැන?!
රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය හෑල්ලු වෙලා, රටේ පැවැත්ම මෙහෙම තර්ජනයට ලක් වෙනකොට රටට මොන ස්වාධීන පැවැත්මක් ද?
අපි කොච්චර පහළ මට්ටමකට වැටිලාද කිව්වොත්, ඒ සාම සාධක හමුදා සේවයට යන්න පෙරුම් පුරමින් ඉන්න හමුදා සෙබළුන් ගෙ ප්‍රශ්නය, 2009 ට කලින් හමුදාවෙ හිටපු අපි අයින් කරලා, අළුත් කට්ටිය තෝරාගෙන, ඇයි මෙහෙම අසාධාරණයක් කරන්නෙ? කියන එක.
ඉතිං, අපි දැන් කොයි දිශාවට ද මේ සංවාදය අරගෙන යන්නෙ?
රණවිරුවො, අපේ රට, මාතෘ භුමිය - මව් බිම, ජාතිකත්වය, අභිමානය, ඒකීය භාවය, භෞමික අඛණ්ඩතාව...
මේ මොනවා ද
ඇත්තට, අපි මොක්කුද?
CHAPA
No comments:
Post a Comment