69? ත් fun?
නිදහස සාපේක්ෂයි! කොහෙවත් පරිපුර්ණ අවසාන නිදහසක් නැහැ!
2017 පෙබරවාරි 4, අද, අපි මේ අනුස්මරණය කරමින් ඉන්නෙ රටේ 'නිදහස', ඒ කියන්නෙ, බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති රට එයින් නිදහස් වූ බව කියන 'නිදහස'!
ඇත්තටම අපි එදා ඔය කියන විදිහට බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස් වුණා ද? පළමු පියවරේදී, ඩොමීනියන් නිදහසක් විදිහට හරි අපට 'නිදහස' ලැබුණා ද? අපි එහෙම නිදහසක් ගත්තා ද? අනෙක රටක් හැටියට අපට එහෙම නිදහසක් ඕන වුණා ද? ප්‍රශ්න පේළියක්.
එක දෙයක් නං පැහැදිලියි, අපි එදා පැරණි යටත් විජිතවාදයෙන් නව යටත්විජිතවාදයකට මාරු වුණා. බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවට, ඒ කිරීටය අයිති කණ්ඩායමත් ඇතුළු කණ්ඩායම් ගණනාවකගෙන් සැදුම් ලත් වෙනම ''ලෝක පාලන'' තන්ත්‍රයකට. එක්සත් ජාතීන්, යුරෝපා සංගමය සහ ඒ එකිනෙකාට සම්බන්ධ තවත් රාජ්‍ය නොවන කල්ලි ගණනාවක්. ඊළඟට දේශ සීමාවන් අතික්‍රමණය කරන නූතන ධනවාදී ලෝක සුත්‍රයක්.
අපි ඉතිං ඒ න්‍යාය පත්‍රයට වැඩ පටන් ගත්තා. වෙන මොකුත් නැහැ. ඔය අතර රටේ යම් යම් ඉතිහාස තීරු තුළ, රටට අනන්‍ය වෙනස් දේවල් ගොඩ නැගෙන්න ගත්තත් ඒවාට වැඩි ආයුෂ තිබුණෙ නැහැ, එක්කෝ විනාශවෙලා ගියා. නැත්තං විකිණිලා ගියා.
අපේ ඔළුවෙ තියෙන සංස්කෘතිය කියන යෙදුම මෙතැනදි වලංගුම නැහැ!
සංස්කෘතිය අනිවාර්යයෙන්ම රඳා පවතින්නෙ අදාළ නිෂ්පාදන ක්‍රියාවලිය මත. රටේ නිෂ්පාදන ක්‍රියාවලිය අර කියන ලෝක දේශපාන සන්දර්භය තුළ එක විදිහක විකෘතියක් බවට පත්වෙනකොට සංස්කෘතිය එහි ප්‍රකාශනය බවට පත් වෙනවා. එච්චරයි!
හිතලා බලන්න, අපි රටක් විදිහට හෝ රටේ මිනිස්සු හැටියට නිදහස් නැහැ විතරක් නෙවෙයි, සාපේක්ෂව හෝ නිදහස ගැන සංවාදයකත් නැහැ!
අපි මොක්කුද? අපට මොනවද ඕනෙ? මේ රට මොන වගේ රටක් ද? මොනවද අපට කරන්න පුළුවං?
අපි ඔය වගේ දේවල් ගැන හිතන්න හිතලාවත් නැහැ! හැබැයි අපි ඉන්නෙ fun එකේ.
1 න් පටන් ගත්ත ඔය fun එක, 69 වෙනකොටත් තියෙනවා, බවෙන්න එපා, 70, 71...දිගටම ඒක නං තියෙයි!
CHAPA
No comments:
Post a Comment