Tuesday, February 21, 2017

සංවාදය දිගටම...

Chathu Madu නමින් ඉන්න කෙනෙක් දිගින් දිගටම විවිධ ප්‍රශ්න අහන නිසා, මේ අවස්ථාව ඔහුට, වෙන කිසිම කෙනෙක් මැද්දෙන් එක එක දේවල් ලියන්න එපා! විධිමත් සාකච්ඡාවක් ගෙනියන්න උත්සහ කරමු!
එන්න! ඔබේ ප්‍රශ්න, මගේ පිළිතුරු!
CHAPA

1, Q - insight තුල ජවිපෙ විවේචකයන් වැඩි වෙන තරමටම ජවිපෙට අවස්ථාවක් නොලැබෙන්නෙ ඇයි?
    A - Insight තුළ විවිධ පුද්ගලයන් සහ සංවිධාන විවේචනයට ලක් වෙනවා, වැඩසටහන නිෂ්පාදනය කරන වෙනම කණ්ඩායමක් ඉන්නවා. මම ලැබෙන ඕනෑම කෙනෙක් එක්ක සාකච්ඡාව මෙහෙයවනවා.
2. Q - මේ අවලාදය මේ විදිහටම කරපු විජේදාස රාජපක්ශ අන්තිමට ඒකට දිපු අර්ථකතනය පිලිබදව ඔබේ අදහස...?
    A -      මොන අවලාදය ද?
3. Q -  ජවිපෙට මුදල් ලබාදුන්නාය කියන අවලාදය.
    A -  කලකට කලින් සිද්ධියක්නෙ! විජේදාස යම් චෝදනාවක් කළා මතකයි. ඒ ගැන විවිධ කතා කියැවුණා, ඒත් විජේදාසගේ අන්තිම අර්ථකථනයක් ගැන නං විශේෂ මතකයක් නැහැ!
4. Q -   2005 සිට 2015 තෙක් ආණ්ඩුකරනය පිලිබදව ඔබේ අදහස ?
    A -   මේ වගේම තමයි, දුෂිතයි, වංචාකාරීයි, අක්‍රමිකවත්, ඊනියා ජාත්‍යන්තර න්‍යාය පත්‍රයට අනුව රට පාලනය කෙරුණා, යුද්ධය සම්බන්ධ පසුබිම විතරක් වෙනස් වුණා! 
5. Q -  Insight නිශ්පාදකයන් වෙනම නම්, ඒ තුල ජවිපෙට අවස්ථාවක් ⁣නොමැති විටෙක පදනමක් නොමැති චතුරගේ වචන වලට සියලු සටන් පසෙක තබා ක්ෂනිකව මහා කතාවක් කරන්න ඔබ යෝජනා කිරීමේ පදනම කුමක්ද?
    A -  චතුර සේනාරත්න කරන චෝදනාවට, ජවිපෙ නායක, අනුර කුමාර දිසානායක, වෙන මාධ්‍ය සාකච්ඡාවක දි ප්‍රතිචාර දක්වන නිසා, අනෙක ''සියළු සටන් පසෙක තබා'' කියලා ඔබ කරන විග්‍රහය මට නං අදාළ නැහැ, මේ එකම සටනක විවිධ මාන, මට අනුව!
6. Q -   ඔබේ දේශපාලන දැක්ම ධනවාදයද සමාජවාදයද වෙනමම එකක්ද?
    A -   දැක්ම කියලා ඔබ අදහස් කරන්නෙ මොකද්ද? 
7. Q -   ඔබේ වැඩසටහන් අනුව මොකක් හරි ඔබේ මතවාදයක් වෙනුවෙන් ආරාධිතයන් පාවිච්චි වෙනව නේද? 
    A -   මතවාදය කියන යෙදුම මම ගන්නෙ නැහැ! මම ඉන්නෙ සංවාදයක් තුළ, ඒ නිසාම විවිධ විෂයයන් ගැන අධ්‍යනය කරනවා, මේ වැඩසටහන් හරහා මම උත්සහ කරන්නෙත් ජනයාට යම් අධ්‍යනයකට පාර හදන්න...
8. Q -   අනුර දිසානායකගේ පාර්ලිමේන්තු කතාවක කොටසක් අරගෙන "මේ හිනාවෙන්නෙ කාටද" අහල මතු කරන්න හදපු දේ මොකක්ද?
    A  -   අනුර, සාමාන්‍යයෙන් එළියෙ මාධ්‍ය සාකච්ඡාවල පෙන්වන සටන්කාමී ගතිය, පාර්ලිමේන්තුවේදී දියකරන අවස්ථා මම දකිනවා. එදා, ඒ මොහොත හිනාවෙන්න ඕන මොහොතක් නෙවෙයි, මට අනුව. විවිධ සිද්ධීන් වලදි ඔහු සහ තවත් සමහර ජවිපෙ නායකයන් පෙන්වන හැසිරීම් සහ පවතින දේශපාලන තත්වයන් අතර සම්බන්ධයක් තියෙනවා ද කියන සංවාදය අතිශය අවශ්‍යයි කියන යෝජනාව තමයි මම ඉදිරිපත් කරන්නෙ! 
9. Q  -  ඔබ සේවය කරන නාලිකාවේ දේශපාලන භාවිතය නොදන්නෙ කවුද... ඇත්ත කතාව ඒ නාලිකාවේ අවශ්‍යතාවය සමග ඔබේ අවශ්‍යතාවයන් පෑහීම නෙමෙයිද?
    A  -  මාධ්‍ය ආයතනයක් කියන්නෙ business එකක්, හැම මාධ්‍ය ආයතනයක්ම එහෙම තමයි, එක එක න්‍යායපත්‍ර - හරියට ජවිපෙ ඇතුළු දේශපාලන පක්ෂ වගෙ. මම දෙරණ ට සේවය කරනවා කියන විග්‍රහය, තත්වය විකෘති කිරීමක්. මට එය තවත් දේශපාලන ක්‍රියාකරකමක් විතරයි. ඒ වගේම ඔබ ඒ ඒ ආයතන ගැන හිතන විදිහ මට අදාළ නැහැ. 
10. Q - සම්පුර්න කතාවක හරය ඔබට අනුව හිනාවකින් මනින්න හදන්නෙම කුහක කම නිසා නෙමෙයිද?
      A - කෙනෙකුට එහෙම කියන්න පුළුවං, මට ඒක එහෙම නෙවෙයි, මම එදා උපුටා දක්වන්නෙ, බරපතළ සිද්ධියකට අදාළ පාර්ලිමේන්තුවේ හැසිරීමක් සහ එහි Hiru tv ප්‍රවෘත්ති වාර්තාව. ඔබ ඔය කලින් කියපු, ''ඔබ සේවය කරන නාලිකාවේ දේශපාලන භාවිතය නොදන්නෙ කවුද..'' කියන අදහස ගැනත් කෙනෙකුට ''කුහක අදහසක්'' කියලා කියන්න පුළුවං!
දැන් මම යන්න ඕනෙ, නැවත හෙට උදේ හෝ අපි දෙන්නටම පහසු වෙලාවක! මේ සංවාදය, කිසිදු සංස්කරණයකින් තොරව, මගෙ Blog එකට යනවා, අනාගත reference වලට....  
 ...to continue... 

1 comment:

  1. "චතුර කියන්නෙ පිස්සෙක්" මෙහෙම කියන්නෙ චාප හොදින් දන්න වික්ටර් අයිවන්. ඔහු මෙහෙම කියන්නෙ "චෟර රැජින" ලියද්දි චතුර තොරතුරු දුන්න කියල ඔබේ වැඩසටහනකදි කරපු කතාව සම්බන්ධව ඇහුවම. colomboenews.com සයිට් එකෙන් හඩපටය අහන්න පුලුවන්.

    ReplyDelete