Wednesday, February 22, 2017


   ඔබ නායකයෙක් ද?

ඔබ නායකයෙක් ද?
ඔන්න ඔබ කල්පනා කරනවා!
හරියටම බැලුවොත්, අපි හැමෝටම වෙලාවෙන් වෙලාවට නායකයො වෙන්න වෙනවා. ගෙදර, පාරෙ, වැඩකරන තැන්වල, ක්‍රීඩා කරන තැන්වල, විනෝද වෙන තැන්වල....ඔය හැම තැනම!
ප්‍රශ්නයක් එනකොටටත් එතැන ඉබේම නායකත්වයක් එනවා. විශේෂයෙන්ම කරදරයක දි. සත්ව ලෝකයෙ වෙන කුල ඇතුළෙත් මේ නායකත්වය පිළිබඳ ලක්ෂණ දැක ගන්න පුළුවං, හැබැයි මිනිස්සුන්ට තමයි නායකත්වය ට වෙනස් අර්ථ කථනයක් දෙන්න හැකියාව තියෙන්නෙ.
සමහරු උපතින් නායකත්වය ට සුදානම්, සමහරු පස්සෙ කලක දි නායකත්වය දියුණු කරගන්නවා කියලත් අදහසක් තියෙනවා. තවත්  කතාවක් තමයි, යම් යම් අවස්ථාවල දි, ජනතාව විසින් නායකයන් නිර්මාණය කරනවා කියන එක. එහෙම ගත්තොත් නායකයන් නිර්මාණය කරන්නෙ ඉතිහාසය විසින් කියලත් කියන්න පුළුවං.
නායකත්වය සතු ගුණාංග ගැන, ලෝකය පුරාම වරින් වර කතා කෙරෙනවා.
වඩා වැදගත් වෙන්නෙ නායකත්වය සතු බලය යොදවන විදිහ. හුඟාක් නායකයන් තමා සතු බලය යොදා ගන්නෙ තමන්ගෙ වාසියට, තමන්ගෙ පවුලෙ වාසියට. එතකොට එතැන නායකත්වයක් නැහැ. ලෝකය පුරාම රාජ්‍ය බලය හොබවන දේශපාලන පක්ෂවල නායකයන් සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය තියෙනවා. ලංකාවෙ තත්වයත් එහෙමමයි. යහපත් නැහැ.
ඔබ මෙහෙම කල්පනා කරන්න!
ඔබ අනෙක් අයෙගෙ යහපත ගැන හිතන, මහන්සි වෙන, කෙනෙක් ද? ඔබ ගැන, ඔබේ පවුල ගැන, විතරක් නොහිතා පොදු සමාජය ගැනත් හිතනවා ද? ඔබ පරාර්ථකාමීක් ද? සමාජ යුක්තිය වෙනුවෙන් පුළුවං විදිහට හිට ගන්න කෙනෙක් ද?
එහෙම නං ඔබත් නායකයෙක්!
එහෙම නැත්තං - එහෙම නායකයෙක් වෙන්න උත්සහකරන්න!
දවස පටන් ගන්නකොටම, ටිකක් ලොකු අදහසක් ඔබට දෙන්නෙ! උත්සහ කරන්න, ඔබට පුළුවං1
ජය වේවා!
CHAPA

No comments:

Post a Comment