Saturday, February 4, 2017

   තිලංග Vs. නාමල් ( නාමල්ට එරෙහිව තිලංග)!?


නාමල් රාජපක්ෂත් එදා, මහින්ද රාජපක්ෂ පාලනය බිඳ දාන්න සෑහෙන වැඩ කොටසක් කෙරුවා, එහෙම ගත්තොත් ඔහු ඒ පරාජයේ එක පෙර ගමන් කරුවෙක්. යුද්ධයෙන් පස්සෙ ලංකාවෙ ගමන් මාර්ගය තීරණය කරන මහා දේශපාලන සංවාදය ගොඩ නගනවා වෙනුවට, ඔහු, රටේ තාරුණ්‍ය මත, තමන්ගේම නීල විසිතුරු ලෝකයක් නිර්මාණය කරගනිමින් හිටියා.
මේ විඩියො සටහන සලකුණු වන වෙලාවෙ, නාමල් හිතන්න ඇත්තෙ කොහොමද?
සලමන් ලා - ජැකොලින් ලා පෙන්නලා තම පැවැත්ම තව දුරටත් රැකගන්න පුළුවන් කියලා වෙන්න ඕන. සලමන් - ජැකොලින් ලා හරි. ඒ එයාලගෙ business වැඩනෙ, තමන්ගෙ වටිනාකම ලැබෙනකොට ඕන දෙයක් කරනවා.
මෙතැන ලොකුම ප්‍රශ්නය තිලංග සුමතිපාල ගැන.
තිලංග දැන් මේ මෛත්‍රී - රනිල් ආණ්ඩුවේ ප්‍රබලයෙක්, මාර වැඩක් නෙ! එදා බැරිවෙලාවත් හරි මහින්ද දිනුවානං තිලංගත් දිනුම්, වැඩේ කියන්නෙ මොන ක්‍රමයකට හරි මහින්ද පැරදුණා, තිලංග එතකොටත් දිනුම්!
මේ ගැන අපට බරපතළ විදිහට හිතන්නම වෙනවා, ජනයාට පේන්නෙ, යහපාලනය කරන තිලංග ලා, රට විනාශ කරපු නාමල්ලාට විරුද්ධයි කියලනෙ. මේ කට්ටියම එකම හොර නඩයක් කියලා මිනිස්සුන්ට දැනෙන තුරු...
තිලංග Vs. නාමල් නෙවෙයි, තිලංග - නාමල්  Vs ජනයා ( ජනයාට එරෙහිව තිලංග - නාමල් )! තමයි...        CHAPA

No comments:

Post a Comment