Thursday, February 2, 2017

   ඔබ හොරෙක් ද?

ඔබ හොරෙක්ද! කියලා අහනකොට කේන්ති යනවා නේද?
'හොරකම' කියනකොට ලොකු තේරුමක් තියෙනවා, විශේෂයෙන්ම අද දවසෙ. ඒ නිසාම 'හොරා' කියන අදහසටත් ලොකු තේරුමක් තියෙනවා.
ඉතිං කේන්ති ගන්නෙ නැතුව හිතන්න පටන් ගන්න!
අන් සතු මොකක් හරි දෙයක් ඒ අයිතිකාරයාට නොකියා ගන්න එක තමයි සාමාන්‍යයෙන් හොරකමක් කියන්නෙ. මහජන දේපොළ හොරාකනවා කියන එකත් ඒකට අදාළයි. බැඳුම්කර හොරකං, කොටස් වෙළෙඳපොළ හොරකං, ජාන හොරකං, තොරතුරු හොරකං, දැනුම හොරකං...ඔහොම ඔහොම, දැන්, හොරකම පුළුල් වෙලා. කෙනෙක්, තමන්ට අයිති රාජකාරිය පැහැර හැරලා, ගන්න වැටුපට වැඩ නොකර ඉන්න එකත් හොරකමක්. අනුන්ට අයිති කාලය හොරකං කරන්නත් පුළුවං.
කෙනෙක් තර්ක කෙරුවොත්, කෙනෙකුට තව කෙනෙකුගෙ ජීවිතයක් හොරකං කරන්න පුළුවං කියලා ඒකත් හරි. ඇයි? අනුන්ගෙ සතුට හොරකං කරන්නෙ!?
එතකොට ඔබ හොරෙක්ද? 
අපේ ගම්වල පරණ මිනිස්සු සාමාන්‍යයෙන් කියන්නෙ හොරකං කරන දේවල් යාදෙන්නෙ නැහැ කියලා. ඒක බොහොම සරල සහ අහිංසක කතාවක්. අපට ඕන නං, එහෙම හිතලා හොරකං නොකර ඉන්න පුළුවං.
හිතන්න! ඔබ හොරෙක් නං මේ මොහොතෙ ඉඳලා ඒ හොරකං නොකර ඉන්න බලන්න, අඩුම තරමෙ අවම කර ගන්න!
මේ අලුත් දවසෙ හොරා කිව්වා කියලා තරහා ගන්න නං එපා ඔන්න!
CHAPA

No comments:

Post a Comment