Monday, February 6, 2017

                                       ඔබ නොසැලකිලිමත් ද?


කවුරු හරි ඔබට කියලා තියෙනවා ද, ඔබ නොසැලකිලිමත් කියලා. You are careless! කියලා හරි.
මෙහෙමනෙ, කෙනෙක් සාමාන්‍යයෙන් - පුරුද්දක් විදිහට නොසැලකිලිමත් වෙන්න පුළුවං. කෙනෙක් යමක් කරන්න ගිහිං ඒ ගැන නොසැලකිලිමත් වෙන්නත් පුළුවං, නිකං හදිසි - අහඹු සිද්ධියක් විදිහට.
කොහොම වුණත්, නොසැලකිලිමත් කම නිසා අපට හුඟාක් දේවල් අහිමි වෙන්න ඉඩ තියෙනවා. සමහර විට ජීවිතය පවා. එහෙම නං කරන්න ඕනෙ, කරන හැම දෙයක්ම සැලකිල්ලෙන් කරන එක. පය මාරු කරලා ඇවිදින එක පවා.
මේ සැලකිලිමත්බව මානව සම්බන්ධතා වර්ධනය කරන්නත් හේතු වෙනවා. රාජකාරී කටයුතු, වෙනත් දෛනික ක්‍රියාකාරකම් සහ තවත් ඕනෑම දෙයක් කරනකොට මේ සැලකිලිමත්වීම අනිවාර්යයි, ''එළැඹි සිහිය'' කියන මානසික තත්වය ඕන නං මෙතැනට සම්බන්ධ කරන්න අපට පුළුවං.
ඔව්! එළැඹි සිහියෙන් ඉන්නකොට නොසැලකිලිමත්බව ඉබේම නැතිවෙනවා.
හරිනෙ, මේ අලුත් දවසත් එක්කම - හැම දෙයක් ගැනම සැලකිල්ලෙන් හිතන්න පටන් ගන්න, ජීවිතය බලාගෙන ඉද්දි වෙනස් වෙයි!
එළැඹි සිහිය!
ඒකත් අත්දැකීමක් කරගන්න!
CHAPA 

No comments:

Post a Comment