Sunday, February 5, 2017

   බලාපොරොත්තු?

ඔව්! බලාපොරොත්තු ඕනෙ, බලාපොරොත්තු තමයි ජීවිතය ජීවත් කරවන්නෙ. හරියටම ගත්තොත් ජීවිතයම බලාපොරොත්තුවක්!
ඒත්, බලාපොරොත්තුම සමහරවෙලාවට ජීවිතය අවුල් කරනවා, කඩා බිඳ දානවා.
හිතන්න! අපට ජීවිතය එපාම වෙලා, සිය දිවි නහගන්න පවා බලාපොරොත්තු කඩවීමක් හේතුවෙන්න පුළුවං. එතකොට කෙනෙක් අහයි, එහෙම නං බලාපොරොත්තු තියාගන්න එපා ද? කියලත්. නැහැ, බලාපොරොත්තු ඕනෙ. එහෙම නැති වුණොත්, ජීවිතයට අරමුණක් නැතිවෙලා හිස් වෙන්න ගන්නවා.
අපි මෙහෙම කරමු!
බලාපොරොත්තු ඉටුවෙන්න පුළුවං වගේම කඩ වෙන්නත් පුළුවං කියලා තේරුම් ගන්න උත්සහකරමු. එහෙම කඩ වුණොත්, වැටෙන්නෙ නැතුව තත්වය කළමනාකරණය කරගන්නවා කියලා තීරණය කරමු, ඒක ඒ තරමටම ලේසි නැහැ, ඇත්ත! ඒත් අපි උත්සහ කරමු! ඒ වගේම බලාපොරොත්තු වෙනුවෙන් වැඩකරමු! ඒ කියන්නෙ සමහර බලාපොරොත්තු රඳා පවතින්නෙ අපි වැඩ කරන විදිහ සහ ප්‍රමාණය මත.
ම්...එහෙම නං හරිනෙ, ඔන්න, මොන බලාපොරොත්තුවක් කඩ වුණත් වැටෙන්න එහෙම බැහැ! අලුතෙන් පටන් ගන්නවා මිසක්!
CHAPA

No comments:

Post a Comment